අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රසීලයේ පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට....
Sun,Apr 03, 2022- Page Views : 0 results
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ ප්‍රාන්තයට ඇතිවී තිබෙන අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දින දෙකක් පුරා රියෝද ජැනයිරෝ ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ. මේ හේතුවෙන් ගංවතුර සහ නායයාම් හටගෙන ඇති අතර පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය අය අතර කුඩා දරුවන් 6 දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ නිවාස රැසක් මුළුමුණින්ම විනාශයට පත්ව ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස අනපේක්ෂිත ලෙස වර්ෂාව ඉදිරියේදීත් බලපානු ඇති බවයි කාලගුණ අංශ සඳහන් කර ඇත.