ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ද.කොරියාවෙන් වාර්තා වෙයි....
Mon,Apr 04, 2022- Page Views : 0 results
ගතවූ පැය 24 ලොව පුරා රටවල් 225 කින් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දකුණු කොරියාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ දිනයට දකුණු කොරියාවෙන් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 230,000 කට අධිකයි. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 306 ක්. ප්‍රංශයෙන් 102,000 ක් ජර්මනියෙන් 57,000 ක් ඉතාලියෙන් 53,000 ක් හා වියට්නාමයෙන් 50,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් නවකෝටි දාහත් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,176,195ක්.