රුසියාවෙන් ගෑස් ආනයනය කිරීම අත්හිටුවීම ගැන යුරෝපා සංගමය අවධානය යොමුකළ යුතුයි – ජර්මනිය
Mon,Apr 04, 2022- Page Views : 0 results
රුසියාවෙන් ගෑස් ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානය යොමුකළ යුතු බව ජර්මනිය නිවේදනය කර ඇත.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු රටවල් කීපයක් රුසියාවෙන් ඛණිජ තෙල් හා ගෑස් ආනයනය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. යුරෝපයට අවශ්‍ය ගෑස් අවශ්‍යතාවයෙන් 40% ක පමණ ප්‍රමාණයක් රුසියාවෙන් ලබාදෙන අතර යුරෝපා රටවල් ඔවුන්ගෙන් ගෑස් ලබාගැනීම අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නාති බව සදහන් කර තිබේ.
යුක්රේනයේ කියෙව් නගරයට ආසන්න බූචා ප්‍රදේශයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බව වාර්තාවීමත් සමගයි ජර්මනිය මෙම ඉල්ලීම සිදුකර ඇත. බූචා නගරයට එල්ල කළ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සලන බව ජර්මනිය ප්‍රංශය ඇතුළු රටවල් රැසක් පවසා තිබේ.