ඔඩේසා වරාය නගරයේ තෙල් ගබඩා සංකීර්ණයකට රුසියාවෙන් ප්‍රහාර.....
Mon,Apr 04, 2022- Page Views : 0 results
ඔඩේසා වරාය නගරයේ ඛණිජ තෙල් ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාර එල්ලකර තිබෙනවා. යුක්රේන නාවික හමුදාවේ ප්‍රධානම මධ්‍යස්ථානයක් ලෙස ඔඩේසා නගරය දැක්විය හැකියි.
නගරය ඉලක්ක කර ගනිමින් ගුවනින් එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. එමෙන්ම ඔඩේසා නගරය ආසන්නයේ පිහිටා තවත් වරාය නගරයක් වන මයිකොලයිව් නගරයට ද එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට රුසියාව පියවර ගෙන ඇත.
මරියුපෝල් හා ලුහාන්ස්ක් යන නගරවලින් ඊයේ දිනයේ දී තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කරගත් බව යුක්රේනය නිවේදනය කර තිබේ. යුද ගැටුම් පවතින මරියුපෝල් හා ලුහාන්ස්ක් යන ප්‍රදේශවලින් සාමාන්‍ය වැසියන් 2,964 දෙනෙකු ඊයේ දිනයේ දී ඉවත් කරගෙන තිබේ.
රතුකුරුස සංවිධානයට අයත් සහන කණ්ඩායම් මරියුපෝල් නගරයට ඇතුළුවීමට සමත්වූ බවද වාර්තා වී ඇත. ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්පාදනය කිරීම සදහා යුද ගැටුම් පවතින ප්‍රදේශවලට ඇතුළුවීමට රුසියාව සමග සාකච්ඡා පවත්වන බවයි එම සංවිධානය පවසා ඇත. පසුගිය සති කීපය තුළදී මරියුපෝල් නගරයෙන් පමණක් ඉවත් කරගත් සංඛ්‍යාව 75,000 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.