රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බූචා ප්‍රදේශයේ සිවිල් වැසියන් 300කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට....
Tue,Apr 05, 2022- Page Views : 0 results
රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බූචා ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කකර තිබේ.
රුසියා යුද හමුදා අත්පත්කරගත් ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඔවුන් වදහිංසා පමුණුවන බවට ද වොල්දොමීර් සෙලෙන්ස්කි චෝදනා කර ඇත. එම අපරාධවලට සම්බන්ධ සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියට පමුණුවන බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රුසියාව සිදුකළ යුද අපරාධ පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. කෙසේ වුවද මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් පවසා තිබේ.
නිර්මාණය කළ වීඩියෝ පට යොදාගනිමින් අසත්‍ය චෝදනා නගන බවයි ඔහු පෙන්වා දෙන්නේ එමෙන්ම රුසියාව අපරාධ සිදුකර නොමැති බවට සත්‍ය සාධක ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බව රුසියාවේ නියෝජිතයා සඳහන් කර ඇත.