WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට උතුරු කොරියාව සැරසෙයි....

Tue,Apr 05, 2022- Page Views : 0 results

දකුණු කොරියාව තමන්ට එරෙහිව යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කළහොත් ඔවුන්ට එරෙහිව පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කරන බවට උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

දකුණු කොරියාව සතුව සෑම වර්ගයකටම අයත් මිසයිල පවතින අතර ඒවා නිරවද්‍යතාවයෙන් හා බලයෙන් අනූන හා උතුරු කොරියාවේ ඉලක්ක වෙත නිවැරදිව හා සුලු වේලාවක් තුළ එල්ල කළ හැකි බව දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර ඇත.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් මේ බව සදහන්කර සිටියේ උතුරු කොරියාවට පහරදීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම දකුණු කොරියාව සිදුකළ විශාලම අත්වැරැද්ද බව ඇය සදහන් ඇත. එමෙන්ම දකුණු කොරියා හමුදාව දේශසීමාවෙන් එක් අගලක් හෝ පසුකරමින් උතුරු කොරියාවට ඇතුළු වුවහොත් ඔවුන්ට සිතාගත නොහැකි විනාශයකට මුහුණදීමට සිදුවිය හැකි බවට ද කිම් යෝ ජොන්ග් අනතුරු අගවා තිබේ.