WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්ථානයේ භාරකාර අග්‍රාමාත්‍ය ධූරයට හිටපු අගවිනිසුරු ගුල්සාර් නම් කෙරේ

Tue,Apr 05, 2022- Page Views : 0 results

පාකිස්ථානයේ භාරකාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා එරට හිටපු අගවිනිසුරු ගුල්සාර් අහමඩ් නම් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පියවර ගෙන තිබේ.

කෙසේ වුවද හිටපු අගවිනිසුරුවරයා භාරකාර අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන තෙක් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි පාකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි සඳහන් කරන්නේෙ භාරකාර අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු අගවිනිසුරුවරයාගේ නම යෝජනා කර ඇත්තේ පාලක තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අනුමැතිය මත බවට සදහන් කර ඇත.

පසුගිය ඉරිදා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ වුවද ඒම ඡන්ද විමසීම අත්හිටුවීමටයි නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් තර ඇැත.

නමුත් විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම අත්හිටුවීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මේ වනවිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.