ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට....
Wed,Apr 06, 2022- Page Views : 0 results
ඉක්වදෝරයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් රැඳවූවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන අතර රැඳවූවන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද සඳහන්. කෙසේ වුවද ගැටුම් අතරතුරදී රැදවූවන් කිසිවෙකු බන්ධනාගාරයෙන් පලාගිය බවට තොරතුරු වාර්තා වන්නේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
බන්ධනාගාර ගතවූවන්ගේ ඥාතීන් ගැටුම ඇතිවූ බන්ධනාගාර අසලට පැමිණ තොරතුරු ලැබෙන තෙක් රැඳී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා තර තිබේ. ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ නිරන්තරයෙන් දරුණු ගැටුම් වාර්තා වනවා. පසුගිය වසරේ දී මෙලෙස ඇතිවූ ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 316ක්බවට සදහන් කර ඇත.