යුද්ධය නවත්වන්න සාම කතාවක් කරමු – යුක්රේන ජනපති කියයි.....
Wed,Apr 06, 2022- Page Views : 0 results
යුද ගැටුම් නවතාලීමට දෙපාර්ෂවය අතර සාකච්ඡා හැර වෙනත් විකල්පයක් නොමැති බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සදහන් කර තිබේ.
එහෙත් තමා හා රුසියා ජනාධිපතිවරයා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් නොපැවැත්වෙනු ඇති බවටයි යුක්රේන ජනාධිපතිවරයා අනාවැකි පළ කර ඇත.
රුසියා යුක්රේන සාකච්ඡා බිදදැමීම සදහා බටහිර රටවල් කටයුතු කරන බව රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙෆ් පවසා ඇත. බූචා නගරයේ සාමාන්‍ය වැසියන් ඝාතනය වූ බවට අසත්‍ය ප්‍රචාර රැගෙන යමින් දෙපාර්ශ්වය එකගතාවකට පැමිණීමට දරණ උත්සාහය කඩාකප්පල් කරන බවයි ඔහු චෝදනා කරන්නේ එමෙන්ම එම කටයුතු සදහා යුක්රේනය ද දැඩි සහායක් ලබාදෙන බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ. කෙසේ වුවද දෙපාර්ශ්වය අතර සාමසාකච්ඡා ඉදිරියේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බවයි රුසියා මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ බූචා නගරයේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්රේනය හා බටහිර මාධ්‍ය එක්ව වෙනමම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවයි මේ ආකාරයට නගර රැසකම රුසියා ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මියගිය බව දැක්වෙන ආකාරයේ වීඩියෝපට පටිගත කරන බවද රුසියා ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කර තිබේ.
රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ සභාපතිනිය සදහන් කරන්නේ රුසියාවෙන් ගල් අගුරු ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම රුසියාවේ විශාලතම බැංකු හතරකට එරෙහිව සම්බාධක පැනවීමට ද තීරණය කර තිබේ.
මුහුදු ආහාර, මත්වතුර හා ලී අපනයනය තහනම් කිරීමට ද රුසියාවේ නෞකා යුරෝපා සංගමයට අයත් රටවල වරායන්වලට ඇතුළුවීම තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ. මේ අතර යුක්රේනයට ඇමෙරිකා ඩොලර් මිලියන සියයක යුද ආධාර ලබාදීමට ඇමෙරිකාව තීරණය කර ඇත. තවද පුටින් ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාට හා රුසියාවේ විශාලතම බැංකුවට එරෙහිව ද සම්බාධක පනවන බවයි ඇමෙරිකාව සදහන් කර තිබේ.