ඉතාලිය , ඩෙන්මාර්කය හා ස්වීඩනය රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් පිටුවහල් කරයි...
Wed,Apr 06, 2022- Page Views : 0 results
තාලිය , ඩෙන්මාර්කය හා ස්වීඩනය රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
ඉතාලිය ආරක්ෂක හේතූන් මත එරට රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් 30 දෙනෙකු පිටුවහල් කිරීමට පියවර ගත් බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම ඩෙන්මාර්කය පිටුවහල් කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව 15 ක් බවයි වාර්තා වන්නේ. යුක්රේනයේ බූචා නගරයේ සිදුවූ සිවිල් වැසියන් ඝාතනය රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිටුවහල් කිරීමට හේතුවූ බව ඩෙන්මාර්කය නිවේදනය කර ඇත.
වියානා ප්‍රඥප්තියට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයින් තුන් දෙනෙකු තම රටින් පිටුවහල් කළ බවයි ස්වීඩනය සඳහන් කරන්නේ. කෙසේ වුවද රාජ්‍ය තාන්ත්‍රිකයින් පිටුවහල් කිරීමට ප්‍රතිචාරයක් ලෙස රුසියා ආරක්ෂක කවුන්සිලයේ සභාපති දිමිත්‍රි මෙද්වෙදෙෆ් සඳහන් කරන්නේ බටහිර තානාපති කාර්යාල වලට දොර වැසීමට කාලය පැමිණ ඇති බවට සදහන් කර තිබේ.