ලෝක ජනගහනයෙන් 99%ක්ම ආග්‍රහනය කරන්නේ දූෂිත වායූව....
Thu,Apr 07, 2022- Page Views : 0 results
ලෝක ජනගහනයෙන් 99%ක්ම ආග්‍රහනය කරන්නේ දූෂිත වායූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක දක්වා ඇත.
2010 හා 2019 කාලය තුළදී රටවල් 117 ක නගර හයදහසක් මූලික කර ගනිමින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. ලොව අඩු හා මධ්‍ය ආදායම් රටවල ජනතාව බහුල වශයෙන් දූෂිත වායූන්ට නිරාවරණය වී සිටින බවද එහි සඳහන්. කෙසේ වුවද ඉහළ ආදායම් රටවල මෙම ත්ත්වය ඉතා පහළ අගයක් ගනු ලබන බව සදහන්ව තිබේ.
වායුගෝලයේ පවත්නා මිනිස් සිරුරට අහිතකර අංශු හා නයිට්‍රිජන් ඩයොක්සයිඩ් වායුව ඉහළ අගයක් ගැනීම මෙලෙස වායුගෝලීය දූෂණය ඉහළයාමට හේතුවී තිබේ. සෑම වසරකම ලෝක ජනගහනයෙන් මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් වායුගෝලීය දූෂණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වනවා. දූෂිත වායු ආග්‍රහනය කිරීමෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝග මෙන්ම හෘද හා පිළිකා රෝග මෙම මරණයන්ට හේතුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.