නේටෝ සංවිධානයෙන් යුක්රේනයට තවදුරටත් යුධ ආධාර....
Fri,Apr 08, 2022- Page Views : 0 results
යුක්රේනයට තවදුරටත් යුධ ආධාර සැපයීමට නේටෝ සංවිධානය කටයුතු කරන බව එහි මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසා ඇත.
කෙසේ වෙතත් යුක්රේනයට ලබා දෙන යුධ ආධාරවල විස්තර ප්‍රසිද්ධ නොකරන බවයි නේටෝ සංවිධානය සඳහන් කර ඇත්තේ. නේටෝ සංවිධානයේ මෙම වැඩපිළිවෙල ඇමෙරිකා එක්සත් ජනපදය ද අනුමත කර තිබේ.
නේටෝ සංවිධානයට අයත් රටවල් රුසියාවට එරෙහිව ගුවන් ගමන් තහනම් කිරීමේ කලාපයක් ප්‍රකාශයට පත් කිරිමේ යුක්රේන ඉල්ලීම ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබේ.
ඊට හේතුවී ඇත්තේ එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් නේටෝව සහ රුසියාව අතර සෘජු යුද්ධයක් ඇති වීම නිසා බවයි නේටෝ සංවිධානය සඳහන් කර ඇත.