WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන විදේශ අමාත්‍ය සහ ප්‍රංශ ජනපතිගේ විදේශ කටයුතු උපදේශක අතර දුරකථන සංවාදයක්....

Fri,Apr 08, 2022- Page Views : 0 results

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (7) ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී යුක්රේන ගැටළුව පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ප්‍රංශය සැමවිටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියකට අනුගතව සිටින අතර, වෙනත් දේශපාලන සමූහයන්හි තර්ක අදාළ නොවන බව Emmanuel Bonne මහතා සඳහන් කළේය. සාම සාකච්ඡා ප්‍රවර්ධනය, සටන් විරාමයක් ඇති කරගැනීම සහ අර්බුදය විසඳීම සඳහා ප්‍රංශය, චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. වෙනත් දේශපාලන සමූහයන්හි තර්ක ප්‍රංශය අනුමත නොකිරීම චීනය අගය කරන බව වං යී මහතා පැවසීය. සාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය සහ කොන්දේසි සියලු පාර්ශ්ව විසින් නිර්මාණය කළ යුතු බව ද චීනය විශ්වාස කරන බව සදහන් කර ඇත.

මීට අමතරව ඇමරිකානු කොංග්‍රස් සභාවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Nancy Pelosi මහත්මිය චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කරනු ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් චීනයේ නොසැලෙන ස්ථාවරය වං යී මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඇමරිකාව, යුක්රේන ප්‍රශ්නයේදී රටක ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරන බව අවධාරණය කරන නමුත්, තායිවාන ප්‍රශ්නයේදී එකම චීනයක් යන රතු ඉර දැඩි ලෙස පාගා ගන්නා බවත්, එය පැහැදිලිවම දෙබිඩි පිළිවෙතක් බවත් වං යී මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.