පාකිස්ථාන අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට.....
Sat,Apr 09, 2022- Page Views : 0 results
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට කටයුතු සුදානම් කෙරෙමින් පවතින බව සදහන් වී තිබේ.
විශ්වාසභංග යෝජනා විවාදයට සහභාගී පාකිස්ථාන පාර්ලිමේන්තුවේ සභිකයන් මේ වන විට අසුන් ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කලේ. අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ ආධාරකරුවන් සඳහන් කරන්නේ ජන්ද විමසීම ඇතැමි විට ලබන සතිය දක්වා කල් යාමේ ඉඩක් ඇති බවයි . කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව විශ්වාසභංග යෝජනාවට අදාළ ජන්ද විමසුම අද දිනයේ අනිවාර්යෙන් සිදු කළ යුතු බව විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇති බවට වාර්ථා වී ඇත.
අද පාර්ලිමේන්තු සැසියට පෙර විපක්ෂ කණ්ඩායම් එක්ව සාකච්ජාවක් ද පවත්වා තිබේ . අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීමට නම් ආසන 342 කින් යුතු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 172 නෙකුගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය වනවා. ඉම්රාන් ඛාන්ට මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමට නොහැකි වනු ඇති බවයි බොහෝ දේශපාලන විචාරකයන් තිබේ.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග මගින් ක්‍රියාත්මක වන කණ්ඩායමක් තමන්ට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. තමන් පරාජයට පත්වුවද අලුතින් පිහිටුවන පිටරටින් ආනයනය කළ ආණ්ඩුව පිළිනොගන්නා බවයි ඔහු පවසන්නේ. ජනතාව විපක්ෂයේ වැඩ පිළිවෙලට එරෙහිව සාමකාමී උද්ගෝෂන වල නිරත විය යුතු බවද ඉමිරාන් කාන් ජාතිය අමතමින් ඊයේ සදහන් කර තිබේ.