WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනය බ්‍රික්ස් රටවල් සමඟ මූල්‍ය සහ මුදල් සහයෝගීතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි.....

Sun,Apr 10, 2022- Page Views : 0 results

චීනය බ්‍රික්ස් රටවල් සමඟ මූල්‍ය සහ මුදල් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදුකරන බව චීන මුදල් අමාත්‍ය Liu Kun මහතා පවසා තිබේ.

මෙම වසරේ පළමු බ්‍රික්ස් මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී හෙතෙම මේ බව සදහන් කර ඇත.

මෑත වසර වලදී, බ්‍රික්ස් රටවල් ශක්තිමත් සහයෝගීතා ගම්‍යතාවක් පවත්වාගෙන යාමට සමත්ව තිබේ.

ගෝලීය ආර්ථික පාලනය ප්‍රශස්ත කිරීම සහ ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සහ උසස් තත්ත්වයේ සංවර්ධනය ඉහළ නැංවීම සඳහා ඉන් වැදගත් දායකත්වයක් හිමිව ඇති බව ද චීන මුදල් ඇමතිවරයා සඳහන් කර ඇත.

මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය, සංකීර්ණ ගෝලීය තත්වය සහ බාධාකාරී ගෝලීය සංවර්ධනය මධ්‍යයේ තම වගකීම් වලට උරදෙන දෙමින් ගෝලීය ආර්ථිකය නංවාලීම සඳහා සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කරන ලෙස හෙතෙම බ්‍රික්ස් රටවලින් ඉල්ලා තිබේ.

මෙම වසරේ චීනය විසින් සත්කාරකත්වය දරන 14 වැනි බ්‍රික්ස් සමුළුවට සූදානම් වීම සඳහා මූල්‍ය සහ මුදල් සහයෝගීතාවයේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීමට චීනය සෙසු සාමාජික රටවල් සමඟ කටයුතු කිරීමට සූදානමින් ඇත.