WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය අහිමි වෙයි.....

Sun,Apr 10, 2022- Page Views : 0 results

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වූ විශ්වාසභංගය පරාජය වී තිබේ.

පාකිස්තාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවක් පරාජයට පත්වී සිය ධුරය අහිමිවූ පළමු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වන්නේ ඉම්රාන් ඛාන්. විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්ද 174 ක් ලැබී තිබේ. පාකිස්තාන විපක්ෂය ඉම්රාන් කාන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනාවේ පසුගිය සතියේයි. එම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි ඉම්රාන් ඛාන් ක්‍රියා කළේ. විපක්ෂය මෙම තීරණවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමඟයි ඉම්රාන් ඛාන්ට සිය ධුරය අහිමිවුණේ. පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේ පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.