ප්‍රංශ ජනාධිපතිවරණය අදයි - ඕස්ට්‍රේලියාවත් මහ මැතිවරණයට දින නියම කෙරේ.....
Sun,Apr 10, 2022- Page Views : 0 results
ප්‍රංශ ජනාධිපතිවරණය අදින් ආරම්භ වනවා. දින 02 ක් පුරා අදියර 02 ක් යටතේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු දිනයේ ඡන්ද විමසීම අද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත. මෙවර ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 12 ක් බවට සදහන්ව තිබේ.
එම අපේක්ෂකයින් අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ද වනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 49 ක්. මෙවර ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා සමග කරට කර සටන නිරත වී සිටින්නේ දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂිකා ලී පෙන් සහ වාමාංශික අපේක්ෂක ජෝ ලුක් මෙලොෂොන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් ඉකුත් මාසයක කාලය තුළ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් වැඩි අවදානයක් ලබාදුන්නේ රුසියානු - යුක්රේන යුද්ධයේදී යුරෝපයේ කාර්යය භාර්ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බව සදහන්ව ඇත.
2017 වසරේදී ජාත්‍යන්තරයේම අවදානය දිනා ගනිමින් ප්‍රංශයේ ජනාධිපති ලෙස පත්වූ මැක්රන් පසුව සිය ආර්ථික ප්‍රතිපත්ති හා කොරෝනා රෙගුලාසි ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවගෙන් දැඩි චෝදනාවලට ලක්වී තිබේ.
මේ අතර ඕස්ට්‍රේලියාවේ මිලග මහ මැතිවරණයට දින නියම කර තිබෙනවා. ඒ එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින්. ඒ අනුව ලබන මැයි මස 21 වනදා ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් එලෙස මහ මැතිවරණයක් කැඳවීමට තීරණය කළ බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.