WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේන ආර්ථිකය 45% කින් කඩා වැටෙයි....

Mon,Apr 11, 2022- Page Views : 0 results

යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ ආර්ථිකය සියයට 45% කින් පමණ කඩාවැටී ඇති බව ලෝක බැංකුව නිවේදනය කර තිබේ.

මෙම වසර තුළදී යුක්රේන ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට ඉඩ පවතින බවයි ලෝක බැංකුව සදහන් කරන්නේ. කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නැගෙනහිර යුරෝපයේ හා මධ්‍යම ආසියාවේ ආර්ථිකයට සිදුව ඇති හානිය යුක්රේනයට දරුණු ලෙස බලපා ඇති බවද වාර්තා වී ඇත.

එමෙන්ම යුද මෙහෙයුම් හේතුවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන බවයි ලෝක බැංකුව පවසන්නේ. යුක්රේන ජනතාව එරටින් පලායාම, ව්‍යාපාර වසාදැමීම මෙන්ම එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම බිදවැටීම යථාතත්ත්වයට පත්කිරීමට නම් තවත් වසර ගණනාවක් ගතවනු ඇති බවට ඔවුන් අනාවැකි පළකරනවා. එමෙන්ම යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු ඇණහිටීම හේතුවෙන් ගෝලීය ආහාර මිලද ඉහළ යනු ඇති බවයි ඔවුන් සදහන් කර තිබේ.