ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ද.කොරියාවෙන් වාර්තා වෙයි....
Mon,Apr 11, 2022- Page Views : 0 results
ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 226 ක් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දකුණු කොරියාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ දිනයට දකුණු කොරියාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 165,000 කට ආසන්න බව සදහන්ව ඇත. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 329 ක්. එමෙන්ම ප්‍රංශයෙන් 107,000 ක් ඉතාලියෙන් 53,000 ක් ජපානයෙන් 52,000 ක් හා ජර්මනියෙන් 45,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබේ.
ඒත් සමඟම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් නව කෝටි අනූ එක්ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,203,372ක් බවට මේවන විට වාර්තා වී ඇත.