පාකිස්තාන නව අගමැති අප්‍රේල් 23 දිවුරුම් දෙයි.....
Tue,Apr 12, 2022- Page Views : 0 results
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ෂෙබාස් ෂරීෆ් ලබන 23 වනදා දිවුරුම්දීමට නියමිතයි. ඔහු 2023 වසරේ අගෝස්තු දක්වා එම ධූරයේ කටයු කරනු ඇති. ෂෙබාස් ෂරීෆ් පාකිස්තානයේ 23 වන අග්‍රාමාත්‍යවරයායි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉවත් කිරීමෙන් පසු එරට පාර්ලිමේන්තුව විසින් ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධූරයට තෝරා ගෙන ඇත.
මේ අතර සිය සොහොයුරා වන ෂෙබාස් ෂරීෆ් පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ තෙවරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ නවාස් ෂරීෆ් යළි පාකිස්ථානයට පැමිණීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මේ වනවිට ලන්ඩනයේ ජීවත් වන බවට සදහන් ව තිබේ.
නවාස් ෂරීෆ් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ කාල වකවානුව තුළ මුල්‍ය ඇතුළු දූෂණ රැසක් සිදුවූ බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. එම චෝදනාවන්ට නවාස් ෂරීෆ්ට වසර 07ක සිරදඬුවමක් ද නියම කෙරුණා. එහෙත් අධිකරණයෙන් විශේෂ අවසරයක් මත ඔහු 2019 වසරේදී ප්‍රතිකාර ලබා ගැනීමට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.