පිලිපීනයට බලපා ඇති මෙගී නිවර්තන කුණාටුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට......
Wed,Apr 13, 2022- Page Views : 0 results
පිලිපීනයට බලපා ඇති මෙගී නිවර්තන කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් සදහන් කර තිබේ.
පිලිපීනය හරහා හමායන මෙගී කුණාටුව පැයට කිලෝමීටර් 65 ක පමණ ප්‍රබලත්වයෙන් යුක්ත බවයි කාලගුණ අංශ නිවේදනය කර ඇත.
මෙගී කුණාටුවත් සමග ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාම් හා ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ. අවතැන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පිලිපීන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත. පුද්ගලයින් දහතුන් දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බවද සදහන් තර ඇත. ඇතැම් ප්‍රදේශවලට විදුලි බලය ද ඇණහිට තිබේ.