යුක්රේනය රසායනික අවි භාවිත කර ඇත්දැයි සෙවීමට කණ්ඩායමක්.....
Wed,Apr 13, 2022- Page Views : 0 results
යුක්රේනයේ යුද මෙහෙයුම් සිදුකිරීමේ දී රුසියාව රසායනික අවි භාවිත කර තිබේද යන්න පරීක්ෂා කරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
යුක්රේනය තුළ රසායනික අවි භාවිත කර ඇත්දැයි සොයා පුළුල් කණ්ඩායමක් සමග මෙහෙයුම් සිදුකරන බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය නිවේදනය කර ඇත.
එලෙස රසායනික අවි භාවිත කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා හා රජය සෘජුව වගකිව යුතු බවයි ඇය සදහන් තිබේ. මරියුපෝල් නගරයට පහරදීමේ දී රුසියාව රසායනික අවි භාවිත කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන වාර්තා මේ වනතෙක් තහවුරු කර නොමැති බව මරියුපෝල් නගරාධිපතිවරයා පවසා ඇත. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර තිබේ.