අවුරුදු උදාව පෙරවරු 08 යි 41 ට - වැඩ ඇල්ලීම පෙරවරු 10 යි 17 ට.....
Thu,Apr 14, 2022- Page Views : 0 results
පරණ අවුරුද්ද සඳහා ස්නානය අදට යෙදී ඇති අතර කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බවයි අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ. හෙට පූර්වභාග 8 පසු වී විනාඩි 41 යි තත්ත්පර 17 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන අතර පූර්වභාග 2.17 සිට අපරභාග 3 පසුවී විනාඩි 5 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා. හෙට පූර්වභාග 2.17 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සිදුකළ යුතුයි. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ හෙට පූර්වභාග 9.05 යි. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක් හා උදු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කර ගැනීම යෝග්‍ය වනවා. වැඩඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ හෙට පූර්වභාග 10.17 යි. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය සුදුසු බවයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ. මෙවර හිසතෙල් ගෑමේ නැකත උදාවී ඇත්තේ ලබන ඉරිදා උදෑසන 7.04 යි. රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම යෝග්‍ය වනවා. රැකී රක්ෂා සදහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 18 වන සඳුදා උදෑසන 6.51 යි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ඉතාම යෝගය බවයි අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.