ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ යාමට හේතුව රුසියා යුක්රේන යුද ගැටුම්....
Thu,Apr 14, 2022- Page Views : 0 results
ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ යාමට රුසියා යුක්රේන යුද ගැටුම් හේතුවී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.
යුද ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ඉන්ධන හා ගෑස් මිලෙහි වැඩිවීම ඊට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දී තිබේ. පසුගිය මාසයේ දී පාරිභෝගික මිල දර්ශකයේ අගය සියයට 1 දශම 2 කින් ඉහළ ගොස් ඇත්තේ 2005 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට බව ඇමෙරිකා කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එය සම්පූර්ණ වසරක් හා සැසදීමේදී සියයට 8 දශම 5 කින් ඉහළ යාමක්. මීට පෙර ඇමෙරිකාවේ පාරිභෝගික මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ 1981 වසරේ දෙසැම්බර් මාසයේදීයි. එමෙන්ම එළඹෙන මාසයේදී එරට පෙඩරල් සංචිතයන්හි පොලී අනුපාත ඒකක 50 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ද වාර්තා වන බව සදහන් තර තිබේ.
එමෙන්ම ඉන්ධන මිල ඇමෙරිකා ඩොලර් 4 යි සත 33 කින් පසුගිය මාසයේ දී ඉහළ ගොස් ඇත. ඉන්ධන මිල පාලනය කිරීමට ඇමෙරිකාවේ ඉන්ධන සංචිතයන්ගෙන් බැරල් මිලියන 10 බැගින් නිකුත් කිරීමට ද ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබේ.