යුක්රේනයට ඉලක්ක වූ රුසියානු යුද නැව ගිලී යයි......
Thu,Apr 15, 2022- Page Views : 0 results
කළු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයකට ලක් වූ “මොස්ක්වා” නමැති රුසියානු යුද නෞකාව ගිලී ගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඒ බව තහවුරු තර ඇති බවට සදහන් කර ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව වරායක් වෙත රැගෙන යමින් තිබියදී මුහුදේ ඇති කුණාටු සහගත තත්ත්වයක් හේතුවෙන් නෞකාව ගිලීගොස් ඇති බවයි රුසියාව ප්‍රකාශ කර ඇත. කළු මුහුදේ යාත්‍රා කරන රුසියානු යුද නෞකා අතර පෙරමුණේ පසුවන නෞකාවක් වන මොස්ක්වා රුසියාවේ යුද බලය පෙන්නුම් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ද රුසියාව එම නෞකාව භාවිත කර ඇති බවට සදහන්ව ඇත.
කෙසේවෙතත් අදාළ නෞකාවට එල්ල වූයේ යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරයෙන් නෞකාව ගිනිගොස් ඇති අතර දැඩි හානි ද සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් අදාළ නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ එහි හටගත් ගිනි ගැනීම සම්බන්ධයෙන් රුසියාව දීර්ඝ වශයෙන් කරුණු සදහන් කර නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. කෙසේවෙතත් ප්‍රහාරයත් සමග නෞකාවේ සිටි නාවිකයින් පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.