යුක්රේනයේ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට රුසියාවෙන් චෝදනා.....
Sat,Apr 16, 2022- Page Views : 0 results
යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට රුසියාව චෝදනා කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාගනිමිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. 2019 / 2021 කාලය තුලදී ඇමෙරික විද්‍යාඥයින් පිරිසක් යුක්රේනයේ කර්කොෆ් හි මානසික රෝගීන් සිටින රෝහලක මෙම අති භයානීක ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇති බව රුසියේ විකිරණ රසායන සහ ජීව විද්‍යාත්මක හමුදා කටයුතු පිළිබඳ ප්‍රධානී ඉගෝර් කිර්ලෝෆ් ප්‍රකාශ කර තිබේ.
මේ අතර යුක්රේනයට ඇමෙරිකා ඩොලර් මිලියන 800 ක වටිනාකමකින් යුතු යුද අවි සැපයීමට ද ජෝ බයිඩ්න් අනුමත කර තිබුණා. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ දුරකතනය ඔස්සේ සම්බන්ධයෙන් ඔහු ඒම තීරණය දැනුම් දී ඇත.
එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා අතිනවීන යුද නෞකා මෙන්ම කාලතුවක්කු ද මීට අයත්. යුරෝපා සංගමය ද යුරෝ මිලියන 500ක යුද ආධාර ලබාදීමට අනුමත කර තිබේ.
යුක්රේනයට සහයෝගය පල කරමින් ඇමෙරිකා රජයේ ඉහළ බලධාරියකු කියෙව් නගරයට යැවීම ඉදිරි දින කිහිපය තුළදී තීරණය කරන බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හෝ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කෙන් මේ සඳහා යොමු කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.