WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේන සටන්කරුවන්ට ආයුධ බිම තැබීමට රුසියානු හමුදාවෙන් අවස්ථාවක්.....

Sun,Apr 17, 2022- Page Views : 0 results

මරිපෝල් නගරයේ සිර වී සිටින යුක්රේන සටන්කරුවන්ට අවි බිම තබා යටත් වීමට පැය කිහිපයක් ලබා දෙන බව රුසියානු හමුදා ප්‍රකාශ කර ඇත. එලෙස අවි බිම තබන යුක්රේන සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා කරන බවට රුසියාව පොරොන්දුවක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මරිපෝල් නගරයේ පිහිටි වානේ කම්හලක් ආශ්‍රිත ප්‍රදේශයක යුක්රේන හමුදා සෙබලුන් 2,500ක් පමණ සිර වී සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. ඔවුන්ට එම ස්ථානයෙන් පිටවීමට නොහැකි ආකාරයෙන් රුසියානු හමුදා අදාළ ස්ථානය වටලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.