WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවෙන් යුක්රේනයට තවත් අවස්ථාවක්.....

Sun,Apr 17, 2022- Page Views : 0 results

යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ සිටින යුක්රේන හමුදා වලට යටත්වීම සඳහා රුසියාව කාල විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අද දිනයේත් කියෙව් අගනුවර පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. දකුණුදිග යුක්රේනයේ මරියුපෝල් වරාය නගරයේ සිටින යුක්රේන හමුදා වලට යටත්වීම සඳහා රුසියාව අද කාල විරාමයක් ප්‍රකාශයට පත්කළා මොස්කව් වේලාවෙන් අද පෙරවරු 10 වනවිට එලෙස යටත් වන්නේ නම් යුක්රේන හමුදා සාමාජිකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව තම රට වගකීම දරණ බවයි රුසියා හමුදා සඳහන් කළේ. ජිනීවා සම්මුතිය යටතේ යුධ සිරකරුවන්ට සලකන ආකාරයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි රුසියාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේවෙතත් මේ පිළිබඳව තවමත් යුක්රේනයෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.