ගංවතුර හේතුවෙන් දකුණු අප්‍රිකාවේ 443 දෙනෙකු ජීවිතක්ෂයට......
Mon,Apr 18, 2022- Page Views : 0 results
දකුණු අප්‍රිකාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 450කට ආසන්න වන බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
දකුණු අප්‍රිකාවට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 443 දෙනෙකුට මේ වන විට ජීවිත අහිමි වී ඇත. කෙසේ වුවද මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ. අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා ගැනීම සඳහා පොලිස් සුනඛයින්ද යොදවා තිබේ. දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින අතර විදුලිබලය හා පානීය ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද සඳහන් ගංවතුර හා නායයාම් හේතුවෙන් සිදුව ඇති අලාභය ඇමෙරිකා ඩොලර් මිලියන හයසිය අසූ පහකට ආසන්න වන බවයි වාර්තා බවට වාර්තා වී ඇත.