WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මරියුපෝල් තම පාලනයට නතුවීමට ඉතාමත් ආසන්න බව රුසියාව කියයි.....

Mon,Apr 18, 2022- Page Views : 0 results

යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන් තම පාලනයට නතුවීමට ඉතාමත් ආසන්න බව රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මරියුපෝල් නගරයේ රැඳී සිටින යුක්රේන හමුදාවට අවි බිම තබා යටත්වන ලෙස රුසියාව ඊයේ නිවේදනය කර තිබේ. ඔවුන්ට නගරයෙන් ඉවත්වීමට මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කරන බවත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව ඔවුන්ට අවශ්‍ය සියලු පහසුම් සපයන බවටත් රුසියාව නිවේදනයක් නිකුත් කරම්න් ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවද යුක්රේනය එය ප්‍රතික්ෂේප කළ අතර අවසන් මොහොත තෙක් සටන්වදින බවයි සඳහන් කර තිබේ. මරියුපෝල් නගරය රුසියා පාලනයට නතුවුවහොත් යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු රුසියාව ලද දැවැන්තම ජයග්‍රහනයක් ලෙස එය සැලකිය හැකි බවට සදහන් කර තිබේ.