රුසියාව යුද මෙහෙයුම් වේගවත් කර ඇති බව යුක්‍රේන ජනපති කියයි....
Tue, Apr 19, 2022- Page Views : 0 results
යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ලකරන ප්‍රහාර වැඩි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සඳහන් කර තිබේ.
යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශය අතහැර නැගෙනහිර යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව යුද මෙහෙයුම් වේගවත් කර ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ. ඩොන්බාස් ප්‍රදේශයේ ඉලක්ක රැසක් වෙත රුසියා හමුදාව මිසයිල හා ෂෙල් ප්‍රහාර එල්ලකරන බවද වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.
ඊයේ දිනයේදී රුසියාව සිදුකළ ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 17 ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම මරියුපෝල් නගරයට එල්ලකරන ප්‍රහාර ද දැඩි කිරීමට රුසියාව පියවර ගෙන ඇත. ඉදිරි දින කිහිපය ඇතුළතදී මරියුපොල් නගරයේ සම්පූර්ණ පාලනය රුසියාව නතු වනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පල කර ඇති බව සදහන්ව තිබේ.