රුසියාවට සම්බාධක පැනවීමෙන් බටහිර රටවල් සිදුකරගත්තේ හානියක්....
Tue, Apr 19, 2022- Page Views : 0 results
රුසියාවට සම්බාධක පැනවීම තුළින් බටහිර රටවල් ඔවුන්ගේ ආර්ථිකයන්ටම හානි සිදුකරගත් බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.
රුසියාවේ ආර්ථිකය බිද දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ග තුළින් ඔවුන්ගේ ආර්ථිකයන්ට සිදුවූ හානිය ගණනය කළ නොහැකි බව රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. රුසියාව යුක්රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ඔවුන්ට එරෙහිව පැනවූ සම්බාධකයන්ගෙන් ආර්ථිකයට හානි සිදුවුවද මේ වනවිට රුසියා ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු පවසා ඇත.
රුසියා ආර්ථිකයට සහායක් වන පරිදි එරට අයවැය ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කරනවා. එරට මහ බැංකුවේ පොලී අනුපාත වෙනස් කිරීමත් සමග රුසියා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති බවයි ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් සදහන් කර ඇත.