මුඛ ආවරණ පැළඳීම ගැන ඇමෙරිකා ගුවන් සමාගම් වලින් නිවේදනයක්
Wed, Apr 20, 2022- Page Views : 0 resultsගුවන් මගීන් හෝ කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැළදීම තවදුරටත් අනිවාර්ය නොවන බව ඇමෙරිකාවේ ගුවන් සමාගම් නිවේදනය කරනවා. මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට ඇමෙරිකා රජය ගෙන තිබූ තීරණය නීත්‍යානුකූල නොවන බව ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පෙඩරල් අධිකරණයක් ඊයේ නිවේදනය කළා. ඒත් සමගම පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති ලිහිල් කිරීමට ඇමෙරිකා රජය පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව සදහන් කරන්නේ. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පුරුද්දක් ලෙස මුඛ ආවරණ පළදින ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.