WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකයේ අගය පහළ යයි....

Wed, Apr 20, 2022- Page Views : 0 results

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ජපානයේ යෙන් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ.

ජපානයේ යෙන් මුදල් ඒකකය මෙලෙස පහත වැටී ඇත්තේ වසර 20 කට පසුවයි. විදේශ විනිමය අනුපාත සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන බව ජපාන මුදල් අමාත්‍යවරයා නිවේදනය කළා. ඇමෙරිකා ඩොලරයේ අගය අද දැක්වුණේ යෙන් 127 යි සත 80 ක් ලෙසයි. 2002 වසරේ මැයි මාසයට පසු ඩොලරයේ ඉහළම අගය වාර්තා වූ ප්‍රථම වතාව ද මෙය වන බව සදහන්ව ඇත.

මෙම වසර තුළදී ඩොලරයට සාපේක්ෂව යෙන් මුදල් ඒකකයේ අගය 10% කින් පමණ කඩාවැටීමට ලක්වුණා. ගෝලීය වෙළෙදපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඛනිජ තෙල් මිල ඉහළයාම, සැපයුම්දාම බිදවැටීම ආදී කරුණු රැසක් හේතුවෙනුයි යෙන් මුදල් ඒකකයේ අගය අවප්‍රමාණයට ලක්ව තිබේ.