චීන ජනපති බෝආඕ ආසියා සාකච්ඡා සභාවේ 2022 වාර්ෂික සැසියේ ආරම්භක උළෙල අමතයි.....
Thu, Apr 21, 2022- Page Views : 0 results
බෝආඕ ආසියා සාකච්ඡා සභාවේ 2022 වාර්ෂික සැසියේ ආරම්භක උළෙල අද(21) හයිනන් පළාතේ බෝආඕහි දී පවත්වා ඇත.
අසීරු අවස්ථා ජය ගැනීමට ස්ථිර විශ්වාසයක් ගොඩනගා ගත යුතු යැයි මානව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත් බවත් කවර හෝ දුෂ්කරතාවකට ඉතිහාසයේ ගමනට බාධා කළ නොහැකි බවත් ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. මීදුමෙන් ආලෝකය කරා යාම සඳහා බලවත්ම ශක්තිය වනුයේ සමගිය හා එක්සත්භාවය වන අතර ඵලදායිම ක්‍රමය වනුයේ සාමය හා අන්‍යෝන්‍ය සහාය බව හෙතෙම සදහන් කර ඇත.
ආරක්ෂාව සංවර්ධනයේ පූර්වකොන්දේසියය. සීතල යුධ චින්තනය අනුගමනය කිරීමෙන් හෝ ආධිපත්‍යය හා බලදේශපාලනය ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ ගෝලීය සාමය විනාශයට ලක්වීම පමණය.
කණ්ඩායම් සතුරුකම් තුළින් 21 වැනි සියවසේ ආරක්ෂක අභියෝගයන් උග්‍ර විය හැකි යැයි ඔහු පැවසීය. බෝආඕ ආසියා සාකච්ඡා සභාවේ 2022 වාර්ෂික සැසිය 20වනදා සිට 22 වනදා දක්වා මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් පැවැත්වේ.‘වසංගතය හා ලෝකය-ගෝලීය සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කරමින් පොදු අනාගතයක් ගොඩනැගීම’එහි තේමාවය වී තිබේ.