ලෝකයම ආහාර අර්බුදයකට ගමන් කරන බව ලෝක බැංකුව කියයි.....
Thu, Apr 21, 2022- Page Views : 0 results
රුසියාව යුක්රේනයට එරෙහි සටන් දියත් කිරීමත් සමග සමස්ත ලෝකයම ආහාර අර්බුදයකට ගමන් කරමින් සිටින බව ලෝක බැංකුව පවසා තිබේ.
ආහාර මිල ගණන් අධික ලෙස ඉහළයාම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් කියාසිටියේ. ලෝක බැංකුවේ ගණනය කිරීම්වලට අනුව ආහාර මිල ගණන් සියයට 37 ක ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බවට පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය මිනිස් ව්‍යසනයක් බවත් ආහාර අර්බුදයට මුහුණදීමට නොහැකි රජයන්ට එය දේශපාලන අභියෝගයක් බවට පත්වනු ඇති බවත් ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් බලවත් රාජ්‍යයන් දුප්පත් රාජ්‍යයන් සදහා ආධාර කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.