රුසියා - යුක්‍රේන යුද්ධය දරුණු අතට - අමෙරිකාවෙන් ඩොලර් මිලියන 800 ක ආයුධ දෙයි....
Fri, Apr 22, 2022- Page Views : 0 results
මාස ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින යුක්‍රේන - රුසියා යුද්ධය මේ වන තෙක් අවසන් වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට දෙරට අතර යුධ ගැටුම් දරුණු තත්ත්වයක පත්ව ඇති බවයි. යුක්‍රේනයේ මරියපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ලකරන ප්‍රහාර මේ වන තෙක් අවසන් වී නැති බව සදහන් කර ඇත.
මෙවන් පසුබිමක අමෙරිකාව තීරණය කර ඇත්තේ යුක්‍රේනයට ඩොලර් මිලියන 800 ක තවත් යුධ ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදීමටයි. ඊට කාලතුවක්කු අවි, පතොරම් සහ විශේෂ ද ඩ්‍රෝන යානාද අයත්. දෙරට අතර යුධ ගැටුම් මෙලෙස අඛණ්ඩව පවතින්නේ ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරන බවට යුධ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.