යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ ස්ථාන කිහිපයක පිපිරීම්.........
Fri, Apr 22, 2022- Page Views : 0 results
යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ ස්ථාන කිහිපයක පිපිරීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
ආසොව්ස්තාල් නමැති කර්මාන්ත ශාලා සංකීර්ණය තුළ පිපිරීම් මාලාවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම සංකීර්ණය තුළ තවමත් යුක්‍රේන හමුදා සෙබලුන් රැදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝහ නිෂ්පාදන සම්බන්ධයෙන් යුරෝපයේ විශාලතම කර්මාන්ත ශාලා සංකීර්ණයක් ලෙසයි මෙය හදුනාගැනෙන්නේ. වර්ග කිලෝමීටර 11 ක භූමි ප්‍රදේශයක එය පිහිටා ඇත. එහි රැදී සිටින හමුදා සෙබලුන් අවි බිමතබා වහා භාරවිය යුතු බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කර ඇත.
මේ වන විට මරියුපෝල් නගරයේ බලය සම්පුර්ණයෙන්ම රුසියා හමුදාව සතුව ඇති බවයි පුටින් සදහන් කර තිබේ.