WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන හා ඇමරිකා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්......

Fri, Apr 22, 2022- Page Views : 0 results

චීන ජාතිකාරක්ෂක අමාත්‍යවරයා හා ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා දුරකථන සංවාදයක නිරත වෙති. පසුගිය 20වැනිදා එම සංවාදය පැවැත්විණ. චීන ජාතිකාරක්ෂක ඇමති වෙයි ෆෙං හ මහතා එහිදී කියා සිටියේ ඇමරිකාව සමඟ ස්ථාවර හා විධිමත් සම්බන්ධතාවක් ගොඩ නැගීමට චීනය කැමති බවට සදහන් කර ඇත.

තායිවාන ප්‍රශ්නය නිසියාකාරයෙන් විසඳා නොගතහොත් එය ද්විපාර්ශ්වික සබඳතාවට බරපතල බලපෑමක් වනු ඇත.

චීන හමුදා ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරන බව ඔහු අවධාරණය කර තිබේ.

ඇමරිකාව විවෘත ආකල්පයකින් චීනය සමග හමුදා ක්ෂේත්‍රයේ හුවමාරු හා සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් Lloyd Austin මහතා එහිදී පවසා ඇත.

ඇමරිකාව සැමවිටම එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. එම සංවාදයේදී දෙපාර්ශ්වය ගුවන් හා මුහුදු ආරක්ෂාව සහ යුක්රේන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.