WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම්

Sat, Apr 23, 2022- Page Views : 0 results

මාස කිහිපයක් පුරා අඛණ්ඩව පවතින රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව ඇති බලපෑම තවමත් අවසන්වී නැහැ. මේ හේතුවෙන් යුරෝපයට පවා භාණ්ඩ හිඟයකට මුහුණදීමටයි සිදුව ඇත.

එහි නවතම තත්ත්වය වාර්තා කරමින් ආහාර පිසීමට යොදා ගන්නා ඔලිව්, සූරියකාන්ත වැනි තෙල් වර්ගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ ආහාර පිසින තෙල් වර්ග මිලදී ගැනීමට දැඩි සීමා පැනවීමටයි.

දින නියමයක් නොමැතිව තවදුරටත් දිග් ගැස්සෙමින් ඇති රුසියානු - යුක්‍රේන යුද්ධය ලබන වසර අවසානය තෙක් පවතිනු ඇති බවටයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශ්වාසය පළ කර ඇත.

කෙසේවෙතත් යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ රුසියාවට එරෙහි යුද්ධය ළඟදීම ජය ගැනීමට යුක්‍රේනයට හැකි බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි. ඔහු එසේ පවසන විටත් යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂයකට අධික පිරිසක් යුක්‍රේනයේ මරියෝපෝල් නුවර සිරවී සිටි.