WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරුණයින් නොමඟ යන බැවින් ගත් තීරණය

Sat, Apr 23, 2022- Page Views : 0 results

තරුණයින් නොමඟ යවන බව අවධාරණය කරමින් ටික් ටොක් වීඩියෝ හුවමාරු යෙදවුම භාවිතය තහනම් කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය නියෝග කර තිබේ.

එමෙන්ම නාඳුනන ප්‍රතිවාදීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෙදෙන PUBG වීඩියෝ ක්‍රීඩාවද තහනම් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අමතරව ඔවුන් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බව තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අයයි.