WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයේ කොටසක ගනුදෙනුවලට රුසියාව රූබලය ගෙන එයි......

Sun, May 01, 2022- Page Views : 0 results

රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ කර්සන් නගරය තුළ භාවිත කෙරෙන මුදල් ඒකකය රූබල් බවට පත් කිරීමට රුසියාව තීරණය කර ඇත. ඒ අනුව අද සිට කර්සන්හි භාවිත කරනු ලබන මුදල් ඒකකය රුසියානු නිල මුදල් ඒකකය වන රූබල් බවට පත් කරන බවයි එම නගරයේ සිටින රුසියානු හමුදාව ජනතාවට දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, රුසියානු බලධාරීන් විසින් බලයෙන් පහ කර ඇති කර්සන්හි යුක්රේන නගරාධිපතිවරයා පවසන්නේ එම නගරයේ ඇති එකම ක්‍රියාකාරී බැංකු පද්ධතිය යුක්‍රේනය සතු බවයි. එබැවින් නගරය තුළ රූබල් භාවිතය සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කර ඇත.

කෙසේවෙතත් කර්සන් වැසියන් ද රුසියානු පාලනය දැඩිව හෙළා දකින අතර බෝහෝ පිරිසක් තමන් වෙත හිමිවන රූබල්, යුක්රේන මුදල් ඒකකය සඳහා හුවමාරු කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

කර්සන් නගරය තුළ දැඩි රුසියානු පාලනයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරයේ ස්ථාන රැසක රුසියානු යුද සලකුණ වන Z සලකුණ නිරූපනය කර ඇති බවයි පැවසෙන්නේ. කර්සන් නගරයේ රජයේ ගොඩනැගිලිවල රුසියානු ධජ ප්‍රදර්ශනය කර තිබේ. එම නගරයේ සිට විකාශය කෙරෙන රූපවාහිනි නාලිකාවල ද විකාශය කෙරෙන්නේ රුසියානු පුවත් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.