චීනයේ කඩාවැටුණු ගොඩනැගිලේ සුන්බුන් තුළ සිරව සිටි 7 දෙනෙකු බේරා ගැනේ....
Mon, May 02, 2022- Page Views : 0 results
චීනයේ චැංග්ෂා ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිලේ සුන්බුන් තුළ සිරව සිටි පුද්ගලයින් 7 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබේ.
චීනයේ හුනාන් පළාතේ කඩාවැටුණු ගොඩනැගිල්ල මහල් අටකින් සමන්විතයි එහි සාමාන්‍ය ජනතාව වාසය කළ අතර සිනමා ශාලාවක් හා හෝටලයක් ද පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් පස් දෙනෙකුට ගොඩනැගිල්ල ආරක්ෂිත බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවයි එල්ලවී ඇත්තේ. සුන්බුන් අතර තවත් පුද්ගලයින් 16 දෙනෙකු සිරව සිටින බවට සහන කණ්ඩායම් සඳහන් කර තිබේ.
ගිනි නිවන භටයින් 1,700 ට අධික සංඛ්‍යාවක් , පොලිස් නිලධාරීන් හා ස්වෙච්ඡා සේවකයින් රැසක් ද සහන කටයුතු සඳහා එක්ව සිටින බවට වාර්තා චීන ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.