WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකානු ජනපතිට කම්කරුවන්ගෙන් හූ සංග්‍රහයක්.....

Tue, May 03, 2022- Page Views : 0 results

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට එරට කම්කරු ප්‍රජාව විසින් හූ තබා පළවා හැර තිබේ. ඒ, ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවේ රස්ටන්බර්ග් හිදී පැවැති මැයි දින රැළියකට සහභාගී වී සිටි අවස්ථාවේදී බවට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ජනාධිපති සිරිල් රමපෝසා එලෙස මැයි රැළියක් අමතමින් සිටියේ දකුනු අප්‍රිකාවේ පතල් කම්කරුවන් සතියක කාලයක් පුරා සිදුකරන වැඩවර්ජනයක් මධ්‍යයේයි. සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා එම කම්කරුවන් වැඩවර්ජනය ආරම්භ කර තිබේ. දකුනු අප්‍රිකානු ජනාධිපතිවරයා අදාළ මැයි රැළිය අමතමින් සිටියදී එම ස්ථානයට රැස්ව සිටි කම්කරුවන් ජනාධිපතිවරයාට එරෙහි සටන්පාඨ කියමින් ඔහුට සිය විරෝධය පළ කර ඇත.

අනතුරුව ජනාධිපතිවරයා විසින් පතල් කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී කම්කරුවන් ඔහුට හූ තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කම්කරුවන්ගේ විරෝධය පාලනය කිරීමට ජනාධිපතිවරයා උත්සහ කළත් ඔවුන් දිගින් දිගටම හූ තබමින් ජනාධිපතිවරයාගේ කථාවට බාධා එල්ල කර තිබේ.

එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් සිට නොමැති අතර පොලිසිය පමණක් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිට ඇති බවයි වාර්තා වී තිබේ.