WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයේ විදුලි කප්පාදුව පැය 18ක් දක්වා දීර්ඝ වෙයි.....

Tue, May 03, 2022- Page Views : 0 results

බලශක්ති අර්බුදය හේතුවෙන් රට තුළ සිදුකෙරෙන දීර්ඝ විදුලි කප්පාදුව නිසා පාකිස්තාන වැසියන් දැඩි අසීරුතාවට ලක්ව තිබේ. පවතින අධික උණුසුම් කාලගුණයෙන් පීඩා විදින පාකිස්තානුවන් විදුලිය කප්පාදුව නිසා තව දුරටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නාගරික ප්‍රදේශවල දෛනිකව පැය 06ත් 10ත් අතර විදුලි කප්පාදුවක් සිදුවන අතර පාකිස්තානයේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලට පැය 18ක පමණ කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින අතර රාමසාන් මාසය තුළ විදුලි කප්පාදුව සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තානුවන් කනස්සල්ලට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. වියළි කාලගුණ තත්ත්වය තව දුරටත් පැවතිය හොත් විදුලිය කපා හැරෙන වේලාව තවත් වැඩි කිරීමට සිදුවන බව පාකිස්තාන බළධාරීන් ප්‍රකාශ කර ඇත.