WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි....

Tue, May 03, 2022- Page Views : 0 results

ගතවූ පැය 24ට ලොවපුරා රටවල් 226කින් කොරෝනා වයිරස ආසාදිතයින් දෙලක්ෂ පනස්පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,283 ක් බවට එරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හතලිස් දහසකට අධිකයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් 31,000 ක් ජපානයෙන් 25,000 ක් හා දකුණු කොරියාවෙන් හා ජර්මනියෙන් 20,000 බැගින් හමුව තිබේ.

ගතවූ පැය 24 ට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 180 සිදුව ඇත්තේ ප්‍රංශයෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂ හැටතුන්දහස ඉක්මවා ගියා. එමෙන්ම ලොව පුරා රටවලින් හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයි සංඛ්‍යාව පනස්එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.