WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් නොකිරීමට තලෙයිබාන් පාලනය තීන්දු කරයි...

Thu, May 05, 2022- Page Views : 0 results

තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථනයේ පාලනය අත්පත් කරගැනීමට පෙර එරට කාන්තාවන් කාබුල් අගනුවර ඇතුළු රටේ ප්‍රධාන නගරවල රිය පැදවීම දැකගත හැකි වූ බව එම වාර්තා වල දක්වා තිබේ.

කෙසේ වෙතත් මේ වන විට තලෙයිබාන් පාලනය විසින් කාන්තාවන්ට රියදුරු බල පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.

පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගන් ආණ්ඩුව බිඳ වැටීමත් සමඟ එහි පාලනය තලෙයිබාන් සංවිධානයට නතු වීමත් සමඟ එරට මානව හිමිකම් උල්ලංඝණය වීම් ඉතා අයහපත් තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කර තිබේ.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සටන් අවසන් වී තිබුණද විශේෂයෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝණය වන බව එම විදෙස් වාර්තා පෙන්වා දී ඇත.