රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ගැන යුරෝපා සංගමයෙන් දැඩි තීරණයක්....
Thu, May 05, 2022- Page Views : 0 results
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන් ම නතර කරමින් දැඩි සම්බාධක පැනවීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව මාස 06 ක් ඇතුලත රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමෙන් ඉවත් වීමටයි යුරෝපා සංගමය යෝජනා කර ඇත්තේ. මීට හේතුවී ඇත්තේ රුසියාවේ යුක්රේන ආක්රමණයයි බවට සදහන්ව ඇත.
කෙසේවෙතත් යුරෝපා සංගමයේ මෙම යෝජනාව හංගේරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. චෙක් සහ ස්ලෝවැකියාව ඊට මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ. රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ලබා නොගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් යුරෝපා සංගමය සති කිහිපයක සිට අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ මේ වසර අවසන් වන විට රුසියාවෙන් ගෑස් ආනයනය තුනෙන් දෙකකින් අඩු තීරණය කර ඇත.
ඉකුත් වසරේ රුසියාව සිය තෙල් අපනයනයෙන් හතරෙන් එකක් සපුරාගෙන ඇත්තේ යුරෝපා සංගමයට අයත් රටවල් වෙතයි. ඒ අතරින් ප්‍රධාන රටවල් වන්නේ නෙදර්ලන්තය සහ ජර්මනියයි.