ඉන්දීය මහ බැංකුවත් පොළී අනුපාත ඉහළ දමයි....
Thu, May 05, 2022- Page Views : 0 results
වසර දෙකකට පසු ප‍්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ.
ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර දෙකකට පසුවයි.
කොවිඩ් වසංගතය පැවති කාල සීමාවේදී එම පොළී අනුපාතිකය සියයට 4ක් දක්වා පහත දැමීමට ඉන්දීය මහ බැංකුව පියවර ගනු ලැබූ අතර එය මේ වනවිට 4.4% ක් දක්වා වැඩිකර ඇත.
ඉන්දීය මහ බැංකුව උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කලේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උද්ධමන බලපෑම හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට සිදුවී ඇති බවට සදහන් කර තිබේ.
මේ වනවිට ඉන්දියාවේ උද්ධමනය 6.95% ක් ලෙස සටහන් වූ අතර මාස 18කින් වාර්තා වූ වැඩිම උද්ධමන අගය ලෙසයි එය සැලකෙන්නේ.