WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකාවේ ඔක්ලහෝමා සහ ටෙක්සාස් ප්‍රාන්තවලට ටොනෙඩෝවකින් බලපෑම්....

Fri, May 06, 2022- Page Views : 0 results

ඇමෙරිකාවේ ඔක්ලහෝමා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලට ටොනෙඩෝවකින් බලපෑම් එල්ල වී තිබේ.

ටොනෙඩෝවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙමිනෝල් නගරයටයි. ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර ඇති බව ද සඳහන්. විශාල ප්‍රමාණයේ අයිස් කැට ප්‍රදේශ කිහිපයකට පතිත වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදුලිය ද ඇණහිට ඇති අතර අයහපත් කාළගුණයෙන් පුද්ගලියින් 3 දෙනෙකු තුවාල ලබා තිබේ . එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි මෙහෙයුම් වලට එක්ව සිටින නිලධාරීන් පෙන්වා දී ඇත.